Thursday, February 12, 2026
Follow Us
පොලිස් කොරෝනා පොකුර 460 දක්වා ඉහළට. 3000ක් නිරෝධායනයේ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 460ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

මේ වනවිට දිනපතා ආසාදිත පොලිස් නිලධාරීන් වාර්තා වන්නේ නිරෝධායනයට යොමුකර සිටින 3000කට ආසන්න පොලිස් නිලධාරීන් අතරින් බවයි ඒ මහතා සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද මෙම සංඛ්‍යාවට ඇතුළත් වේ.

(LNW)