Saturday, November 15, 2025
Follow Us
රත්නපුර 100කට කොවිඩ්

රත්නපුර දිස්ත‍්‍රික්කය තුල ඊයේ(08) වනවිට කෝවිඩ් 19 ආසාදිතයන් 100ක් වාර්තා වි ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාහත තුල අද වනවිට පවුල් 1668ක පුද්ගලයින් 5316 දෙනෙකු නිරෝධයනයට ලක් කර ඇත.

විදේශ රටවල් වලින් පැමිණි පිරිසට අයත් පොකුර, බ‍්‍රැන්ඩික්ස් පොකුර, බොඩිලයින් පොකුර, මාලූ පොකුර, කහතුඩුව හයිඩ‍්‍රාමණී පොකුර සහ වරාය හා නැව් තඨාංග පොකුරට සහ මේ වනවිට ඊට අලූතින් හමුවී ඇති පීපල්ස් ලීසිං පොකුරට මෙම පිරිස අයත් වෙයි.

ආසාදිත පුද්ගලයින් මේ වනවිට රත්නපුර සහ කෑගල්ලේ පිහිටි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පහක් වෙත යොමුකර ඇති අතර ඔවුන්ගේ පවුල්වල අය සහ සමීපතම ආශ‍්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.

(Aruna)