Thursday, February 12, 2026
Follow Us
කොවිඩ් නසන්න බටහිර ප්‍රතිකාර සමග කසායක්

කොරෝනා වයිරස ව්‍යාප්තිය වළක්වා ගනිමින් ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත. ගුඩුජ්‍යාදී කසාය මේ වන විට ඉංගිරිය, හෝමාගම සහ රත්නපුර යන රෝහල්වලට එම රෝහල්වලින් කළ ඉල්ලීමකට අනුව ලබාදී ඇති බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග පැවැසීය. දිවයිනේ සියලුම රෝහල් සඳහාද ඒ ඒ රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ කැමැත්ත මත මෙම ගුඩුජ්‍යාදී කසාය ලබාදීමට සූදානමින් සිටින බව හෙතෙම පැවැසීය.

මේ වනවිට මෙම කසාය ලබාදී ඇති රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් -19 ආසාදිතයන්ට මෙමගින් යහපත් ප්‍රතිඵල ලැබී ඇති බව රෝහල් විසින් දන්වා ඇති බවද ඔහු පැවැසීය.

(Aruna)