Saturday, November 15, 2025
Follow Us
ගත වූ මාස 6ට කන කර තියා බිලියන 643ක් ණය අරන්

වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් මේ වසරේ (2020) පසුගිය මාස හයට මහජනයා ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙයි. රන් ණය සඳහා ලබාදෙන මුදල මෑත කාලීනව සැලකිය යුතු ලෙස ඉහළ දැමුණු අතර වාණිජ බැංකුවල එම අගය රන් පවුමකට රුපියල් 57,000 සිට 60,000 දක්වා ඉහළ දමා තිබිණි.

ඊට සාපේක්ෂව රන් ණය සඳහා වාර්ෂික පොලී අනුපාතය 10% දක්වා මහ බැංකුව විසින් අඩු කෙරිණි. එසේම ඇතැම් පෞද්ගලික මූල්‍ය ආයතන වලින් රන් පවුමකට ලබා දෙන මුදල රුපියල් 65,000 දක්වාද ඉහළ දමා ඇත.

මේ අතර මෙරට සෑම ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් සිව් දෙනකුගෙන් එක අයකුම මේ වනවිට ණය ආපසු ගෙවාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයිද අනාවරණය වෙයි. මහ බැංකු දත්ත වලින් පෙන්නුම් කරන ආකාරයට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගෙන් 41% ක්ම මේ වන විට ගෙවීම් පැහැර හැර ඇත. 2020 දෙවැනි කාර්තුවේදී මෙලෙස ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදු කර ඇති ගනුදෙනු ප්‍රමාණය රුපියල් බිලියන 38.3 ක් වූ අතර ඉන් රුපියල් බිලියන 15.7 ක් ආපසු ගෙවීම පැහැර හැර තිබේ.

(Aruna)