Thursday, February 12, 2026
Follow Us
ලාංකිකයන් පිරිසක් යලිත් දිවයිනට

මැදපෙරදිග රටවල් 3ක ලාංකිකයන් 71දෙනෙකු යලි දිවයිනට පැමිණ තිබේ.

ඕමාන්, ඩුබායි, කටාර් රාජ්‍යයේ සිට ගුවන් යානා 3කින් මෙම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත. මෙසේ පැමිණි පිරිස අතර ඕමානයේ මස්කට් සිට 19 ක් ,ඩුබායි සිට 35 ක් සහ කටාර් රාජ්‍යයේ සිට 17 ක් මෙලෙස පැමිණ තිබේ.

පැමිණි පිරිස ගුවන්තොටුපළේ දී PCR පරික්ෂණ සඳහා යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කෙරනු ඇති.

(Aruna)