Saturday, November 15, 2025
Follow Us
මාතර බන්ධනාගාරටත් කොරෝනා

මාතර බන්ධනාගාරයෙන් ද කොරෝනා වෛරසය ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ සිට ඉකුත් 01 වනදා මාතර බන්ධනාගාරයට මාරු කෙරුණු කාන්තා රැඳවියෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සිට ඉකුත් දිනවල මාතර බන්ධනාගාරයට මාරු කෙරුණු කාන්තා රැඳවියන් 07 දෙනෙකු PCR පරික්ෂණ සදහා යොමු කර තිබුණා. ඉන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එක් රැඳවියෙකුට පමණක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. මාතර බන්ධනාගාරයේ කාන්තා රැදවියන් 25 දෙනෙකු සහ රැඳවියන් 500 දෙනෙකු පමණ රදවා සිටිනවා. නිලධාරීන් 170 ක් පමණ ද මාතර බන්ධනාගාරයට අනියුක්තව රාජකාරී සිදුකරනු ලබනවා.

ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආශි‍්‍රතව වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගණන 40 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරය, කාන්තා බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල, කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර සහ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් එම ආසාදිතයින් පිරිස හඳුනා ගැණුනා.

(Neth)