රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයින්ගෙන් එම වෛරසය ව්‍යාප්තවීමේ අවදානම ඉහළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ මේවනවිටත් එවැනි ආසාදිතයින් බොහෝ දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදුකෙරෙන්නේ ඔවුන්ගේ මරණ පරීක්ෂණ කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදුකිරීමෙන් අනතුරුව බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේවනවිට මෙරට තුළ පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 13,419 ක්. ඉන් ආසාදිතයින් 7,723 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්. ආසාදිතයින් 5, 562 දෙදෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.
(Neth)