Thursday, February 12, 2026
Follow Us
දිවුලපිටිය - පෑලියගොඩ කොරෝනා පොකුර 10,000 ආසන්නයේ

දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9937ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පොකුරේ පළමු රෝගියා වාර්තා වූයේ පසුගිය ඔක්තෝබර් 03 වනදාය.

ඒ අනුව දින 35ක වැනි කෙටි කාලයක් තුළ මෙසේ මෙම පොකුරෙන් ආසාදිතයින් 9937ක් වාර්තා වී ඇත.

මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,419ක් වේ.

(LNW)