Thursday, February 12, 2026
Follow Us
රැපිඞ් පරීක්ෂණ කට්ටල පනස්දහසක් අද දිවයිනට

කොරෝනා ආසාදිතයින් කඩිනමින් හඳුනා ගැනීම සඳහා යොදාගැනෙන රැුපිඞ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ක්ෂණික ප‍්‍රතිදේහජනන කට්ටල 50,000 ක් අද මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම පරීක්ෂණ කට්ටල තොගය මෙරටට ලබාදෙන බවයි.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තොගයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සූදානමක් ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සහ තවත් පාර්ශව කිහිපයක් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙහිදී පිළිතුරු දුන්නා.

(Neth)