Thursday, February 12, 2026
Follow Us
ගැබිනි මව්වරුන් 80කට කොරෝනා බව හඳුනාගනී

මෙරට ගැබිනි මව්වරුන් 80කට අධික පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා පවසයි.

මේ වන විට කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 28 දෙනෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කොවිඩ් පොසිටිව් ඒකකය තුළ ප්‍රතිකාර ලබන බව ඔහු සදහන් කරයි.

කොවිඩ් -19 ආසාදනය වූ ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනටම ඇති එකම මධ්‍යස්ථානය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිතකර ඇති බව ද වෛද්‍යවරයා පැවසීය.

කොවිඩ් වෛරසය ආසාදිත ගැබිනි මව්වරුන් සිව්දෙනෙක් එම රෝහලේදී දරුවන් බිහි කර තිබේ.

(Aruna)