Thursday, February 12, 2026
Follow Us
ඇඳිරි නීතිය ඉවත් කළත් ඇවිදින්න බැරිවෙයි ද?

ඇඳිරිනීතිය සඳුදා (09) දින ඉවත් කළද සංචරණ සීමා තවත් දෙසතියක් පමණ ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ.

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම සඳහා දිස්ත්‍රික් අතර සංචරණය බෙහෙවින් බලපා ඇති බැවින් සංචරණ සීමා පැනවීම උචිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අදහසයි. මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටු සාකච්ඡාවේදී හෙට (08) අවසන් තීරණයක් ගැනීම නියමිතය.

බස්නාහිර පළාතට කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ. එම ඇඳිරිනීතිය සඳුදා (09) ඉවත් කිරීමට අවධානය යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඇඳිරිනීතිය ඉවත් කළද සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිරෝධායන පනතේ නීතිරීති අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහස වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

(Aruna)