Thursday, February 12, 2026
Follow Us
කොරෝනා වලින් බේරෙන්න මුදල් හුවමාරුව අවම කරන්න : රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

නව්‍ය කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් හුවමාරුවකට යොමු වීම වැදගත් කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ නවීන තාක්ෂණික ගෙවීම් ක‍්‍රම සදහා යොමු වීම හෝ මුදල් හුවමාරුවෙන් පසු දෑත් පිරිසිදු කරගැනීම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු වැදගත් පියවරයන් වන බවයි.

මුදල් පමණක් නොව භාණ්ඩ හුවමාරුවේදී ද සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම අනුගමනය කිරීම ද වැදගත් වන බවයි වෛද්‍ය සමන්ත ආනන්ද වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

(Neth)