Friday, November 14, 2025
Follow Us
තවත් ආසාදිතයින් 213ක් : සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12780 ඉක්මවයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 213 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මෙලෙස වාර්තා වන ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වනවා.

අද වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9305ක් වේ.

මේ වන විට රටේ වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,783ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 7186ක් වේ. මේ දක්වා රෝහල් ගතව සිටින පිරිස 5568ක් වනවා.

(Neth)