මීට පෙර කොරෝනා ආසාදිතයින් වාර්තා වූ වත්තල ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් ඊයේ (05) දිනයේදී තවත් ආසාදිතයින් 68 දෙනෙකු හඳුනාගෙන ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂණ වරුණ අමරසේකර මහතා පවසයි.
ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් මෙතෙක් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 119 දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන් අතරින් බහුතරය සේවිකාවන් බවත් සඳහන්.
අදාළ කර්මාන්ත ශාලාවෙහි 693 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර තවත් 400 දෙනෙකුගේ පමණ පරීක්ෂණ වාර්තා ලැබෙන්නට නියමිතව පවතින බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
(LNW)