Thursday, February 12, 2026
Follow Us
රත්නපුර දිස්ත්‍රික්කයේ 71කට කොවිඩ්

ඊයේ (04 වැනිදා) පෙරවරුව වන විට රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 71දක්වාත්, නිරෝධායනයට යොමු කර ඇති පිරිස 3877 දක්වාත් ඉහළ ගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම සඳහන් කරයි.

ඇහැලියගොඩ කොට්ඨාසයෙන් පුද්ගලයන් 25ක්, රත්නපුර කොට්ඨාසයෙන් 14 ක්, කුරුවිට කොට්ඨාසයෙන් 7 ක්, අයගම කොට්ඨාසයෙන් 8 ක්, කිරිඇල්ල කොට්ඨාසයෙන් 9 ක්, ඇඹිලිපිටිය කොට්ඨාසයෙන් 3 ක්, කහවත්ත කොට්ඨාසයෙන් 2 ක් ඇලපාත කොට්ඨාසයෙන් 2 ක්, ගොඩකවෙල කොට්ඨාසයෙන් එක අයකු එම පිරිසට අයත් වේ.

මේ වන විට වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබෙන්නේ ඇහැලියගොඩ ප්‍රදේශයෙනි.

(Aruna)