Friday, November 14, 2025
Follow Us
මහනුවර 45කට කොරෝනා

මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 45දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

මහනුවර ගඟවටකෝරලය, උඩපළාත, පාතදුම්බර, දොළුව, දෙල්තොට, මැදදුම්බර, යටිනුවර, උඩදුම්බර, තුන්පනේ, හාරිස්පත්තුව, මිණිපේ, අකුරණ හා තලාතුඔය යන ප්‍රදේශවලින් එම රෝගීන් හමුවී හමු වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඳුනාගෙන නිරෝධනයට යොමු කර ඇති අතර පවුල් දහසකට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්කොට ඇති බව වාර්තා වේ.

(Aruna)