Thursday, February 12, 2026
Follow Us
කොරෝනා නිසා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයත් දැඩි අර්බුදයක

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ඉදිකිරීම් ව්‍යාපෘතී සිදු කළද මේ වන විට ඉදිකිරිම් ක්ෂේත‍්‍රය ප‍්‍රයෝගික ගැටලූ රැසකට මුහුණපා ඇතැයි ශ‍්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. ගොඩනැගිලි ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීම, වැඩබිම්වල ශ‍්‍රමිකයින් ප‍්‍රවාහනය කිරීම සදහා ඇදිරි බලපත‍්‍ර ලබා ගැනීමේදී එම ක්ෂේත‍්‍රයේ නිරත පාර්ශ්ව ගැටලූ රැසකට මුහුණ පා ඇති බවයි ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි නෙත් නිවුස් වෙත පැවසුවේ.

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නිරත පාර්ශ්වවලට රජය විසින් යම් සහනයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සදහන් කළා.

(Neth)