Friday, November 14, 2025
Follow Us
කොළඹ-වැලිකඩ බන්ධනාගාරවල 7කට කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 5දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම රැදවියන් පස්දෙනාම කාන්තා රැදවියන් වන බවට තොරතුරු වාර්තා වේ.

එමෙන්ම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඊට අමතරව බන්ධනාගාර නිලධාරියෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

(Aruna)