Friday, November 14, 2025
Follow Us
බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 41කට කොරෝනා : මට්ටක්කුලිය නිවාස සංකීර්ණයක 14 දෙනෙකුටත් වෛරසය ආසාදනය වෙයි

බොරැල්ල පොලිසියේ නිලධාරින් 41 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මේ වන විට එම බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් 59 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇත.

මේ අතර මට්ටක්කුලිය මුවදොර උයන නිවාස සංකීර්ණයේ පුද්ගලයින් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇති අතර වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද තහවුරු කර සිටියේ පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණයට සහභාගීවූ තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. මේ වන විට පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් 04 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී තිබේ.

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 409 දෙනා අතුරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 146ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 122ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47ක් සහ කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 12 දෙනා බැගින් වාර්තා වී ඇත.

මිට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් 19ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 07ක්, නුවරඑළිය 02, හම්බන්තොට 05, මොණරාගල 01, බදුල්ල 6, මාතලේ 2, මහනුවර 05, අම්පාර සහ මඩකලපුව 01 බැගින් වී ඇත. ඊට අමතරව පුත්තලම 03, පොලිස් දෙපාර්තමේන්තුවේ 10 දෙනෙක් සහ නිරෝධායන මධ්‍යස්ථාන තුල 08 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

(Neth)