Friday, November 14, 2025
Follow Us
තවත් සති දෙකකින් ලංකාවට වෙන්න යන දේ

මෙරට වායු ගෝලයේ දූෂණ මට්ටම ඉහළ යෑමේ තත්ත්වය මෙම මස 15 වැනිදාත් 20 වැනිදාත් අතර කාලයක් දක්වා පවතිනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි පවසයි.

වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය සාමාන්‍යයෙන් පසුගිය දිනවල පැවති ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇත. ඇමෙරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව (U.S. Air Quality Index) ඉතා කුඩා අංශුමය ද්‍රව්‍ය වන PM 2.5 වලට සාපේක්ෂව තත්ව දර්ශකය 100 – 150 අතර අගයක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුළං ප්‍රවාහන රටාව මත මෙම අගය වරින් වර අඩු වැඩිවෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි කීවේය.

ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වැඩි වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුළුවීම මගින් සිදුවන බලපෑමක් මත මෙරට වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

(Aruna)