Friday, November 14, 2025
Follow Us
රිෂාඩ් නිදහස් කරනු! කොවිඩ්19 න් මිය යන මුස්ලිම් ජාතිකයන් පිලිස්සීම නොකරනු!

මන්නාරමේ මුස්ලිම් වැසියන් පිරිසක් බන්ධනාගාරගතව සිටින මන්නාරම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක නිරත වී ඇති බව වාර්තාවේ.

මන්නාරම් නගරයේ මුස්ලිම් තරුණයින් පිරිසක් විසින් මන්නාරම බසාර් වීදයේ මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණු බව පැවසේ .

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස ඉල්ලීමට අමතරව කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජනතාව පුලුස්සා අවසන් කටයුතු නොකරන ලෙසටද ඉල්ල්ලමින් විරෝධතාකරුවෝ විරෝධතාවල නිරත වූ බව පැවසේ.

විරෝධතාකරුවන් පවසා සිටියේ මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් උතුරු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පිහිට වූ එකම නායකයා බැවින් මුස්ලිම් ජනතාවගේ ගැටලු වෙනුවෙන් රටට හඬක් නැගීමට සිටින පක්ෂ නායකයෙකු බන්ධනාගාරගතව සිටීම දැඩි ලෙස හෙලා දකින බවත් මන්ත්‍රීවරයා වහාම නිදහස් කිරීමට වත්මන් රජය විසින් පියවර ගත යුතු බවත්ය.

(Lanka Leads)