Friday, November 14, 2025
Follow Us
ඇඳිරි නීති ප්‍රදේශවල කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම සඳහා ක්ෂණික බලපත්‍ර ක්‍රමවේදයක්

දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටි කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්ෂණික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර තිබේ.

"නිරෝධායන ඇඳිරි නීතිය තියෙන අතරතුරම අනෙකුත් කටයුතු, විශේෂයෙන්ම නිෂ්පාදනය සම්බන්ධ කටයුතු එම කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකා තිබෙනවා. ඒ නිසාම ඒ සඳහා ක්ෂණික බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට අද පැවති සාකච්ඡාවලදී තීරණය වුණා.

එනම්, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. මෙම විද්‍යුත් ලිපිනයට ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වෙත ඊමේල් පණිවිඩයක් එවීමෙන් මෙම බලපත්‍ර ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාගේ දුරකථන අංකය 071 9688300, ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දුරකථන අංකය 071 8591017. මේ දුරකථන අංකවලට අවශ්‍යතාවයක් තිබුණොත් පමණක් අමතන්න. මේ දුරකථන අංකවලිනුත් වැඩි විස්තර ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා" යනුවෙනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ.

(LNW)