කොවිඩ් වයිරසය ව්‍යාප්තව පවතින ප්‍රදේශයන්හි උසස් පෙළ විභාග රාජකාරි කළ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට පහසුකම් සලසන්නැයි විභාග දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම ඉල්ලීම කර ඇත්තේ එම ප්‍රදේශවල විභාග රාජකාරී කළ ගුරු හා විදුහල්පතිවරුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පහසුකම් සලසන ලෙසට ගුරු වෘත්තීය සංගම් දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම් පිළිබඳ සලකා බලමිනි. වයිරසය බරපතළ ලෙස ව්‍යාප්තව පවතින මිනුවන්ගොඩ, ගම්පහ සහ කුලියාපිටිය වැනි ප්‍රදේශවල සේවය කළ පිරිස වෙනුවෙන් මෙම පහසුකම් සැලසීමට බලාපොරොත්තු වන බව අප කළ විමසුමකට පිළිතුරු දුන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසීය.
එවැනි අවශ්‍යතාවක් පවතින්නේ නම් අවශ්‍ය පහසුකම් සැලසිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ද සඳහන් කළේය.
මෙම පහසුකම සලසන ලෙස ලංකා ගුරු සංගමය හා ලංකා විදුහල්පති සංගමය විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි. ඇතැම් ගුරුවරු රුපියල් 9500ක් වැය කරමින් පෞද්ගලික රෝහල්වලින් පී. සී. ආර්. පරීක්ෂණ කර තිබීම ගුරු වෘත්තීය සංගම්වල ඉහත ඉල්ලීමට හේතු වී ඇත.
(Aruna)