Friday, November 14, 2025
Follow Us
සතොසෙන් හාල් කිලෝ 2යි

ලංකා සතොස වෙළෙඳසල් මගින් පාරිභෝගිකයකුට නිකුත් කරන සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙකක් දක්වා සීමා කර අතැයි එහි සභාපති නුෂාඩ් පෙරේරා පවසයි.

ලංකා සතොස සතුව අවශ්‍ය තරම් සහල් තොග තිබෙන නමුත් අනවශ්‍ය ආකාරයෙන් සහල් තොග කළුකඩ වෙළෙඳුන් අතට යෑම පාලනය කිරීම මෙම සීමාව පනවා තිබෙන බව සභාපතිවරයා කීවේය.

නඩු සහ කැකුළු යන සහල් වර්ග රජයේ පාලන මිලට අලෙවි කරන අතර සම්බා සහල් හිඟයක් පවතින බව සභාපතිවරයා කියයි. නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 96කට ලංකා සතොස මගින් මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා ඇත.

(Aruna)