Friday, November 14, 2025
Follow Us
මාර්ග අසල මාළු වෙළදාම් කිරීමෙන් තවත් අවධානමක්

අවධානම් පුද්ගලයින් මාර්ග අසල හෝ වසා දමා ඇති මත්ස්‍ය වෙළදසැල් අසල වෙළදාමේ නිරත වීම අවධානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ වෙනත් පුද්ගලයින්ටද වෛරසය ආසාදනය වීමේ අවධානමක් මේ හරහා මතු වන බවයි.

මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව වර්තමානයේ හමුවන බොහෝ රෝගීන් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොල ආශී‍්‍රතයින් හා සම්බන්ධ බවයි ඔහු පැවසුවේ.

මේ අතර හැටන් නගරයෙන් හමු වූ කොරෝනා වෛසරය ආසාදනය වු පළමු මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ සමීපතම ආශී‍්‍රතයින් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු නොවි හැටන් නගරයේ පදික වේදිකාවේ වෙලදාම් කළ පුවතක් අද වාර්තා වුණා. වහාම කි‍්‍රයාත්මක වූ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරිමටයි කටයුතු කළේ.

(Neth)