Friday, November 14, 2025
Follow Us
ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉතාලි අර්බුදය අබියසයි!-රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් කොවිඩ්19 වෛරසය මේ වන විට සමාජය ව්‍යාප්ති තත්ත්වයක පවතින බව අවධාරණය කරණු ලැබීය.

එහිදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කර සිටියේ මෙම තත්වය ප්‍රකාශ කල යුතුව ඇත්තේ තම සංගමය නොව වසංගත රෝග විද්‍යා අංශය බවයි.

වැඩිදුරට අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වෛරසය අතිශය ප්‍රබල බවත් බෝවීමද ඉතා ඉහළ බවත් පවසා සිටියේය.

එළඹී තිබෙන තත්වය ඉතා බරපතල බවත් ඉහළ අවදානමක රට ඇති බවත් ඉදිරියේදී මරණ සංඛ්‍යාව අතිශයින්ම ඉහළ යා හැකි බවත් මෙරට වැඩිහිටි පරම්පරාව ඉහළ අනතුරකට මුහුණ ඩි ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

“ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉතාලි අර්බුදය අබියසයි, බෝනොවන රෝග සහිත සියලු දෙනා අතිශය පරිස්සම් විය යුතුයි”. යනුවෙන් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේය.

(Lanka Leads)