Friday, November 14, 2025
Follow Us
ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් : PCR පරීක්ෂණ දස දහසක් සිදුකරයි

ඊයේ (31) දිනයේදී වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 239 දෙනෙකු වාර්තා වුවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 86 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

කොළඹ (1-15) ආසාදිතයින් 51ක්, දෙහිවල 13ක්, ගොතටුව ප්‍රදේශයෙන් 04ක්, හංවැල්ල 11ක් සහ බොරැල්ල ප්‍රදේශයෙන් 07 දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වෙයි.

මිට අමතරව ආසාදිතයින් 21ක් දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එලෙස ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ගම්පහ ප්‍රදේශයෙන් 02ක්, වත්තල 04ක්, මිනුවන්ගොඩ 06ක්, කටාන 02ක්, ජා-ඇල 03ක්, කඩවත 02ක්, දොම්පේ ප්‍රදේශයෙන් 02ක් ලෙසයි.

මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 28ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු හා වව්නියාව දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මිට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද ආසාදිතයින් 59 දෙනෙකු ද වාර්තා වී ඇත.

මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 10,510ක් සිදුකර ඇති අතර, මේ වන විට මෙරට තුළ PCR පරීක්ෂණ 512,735ක් සිදුකර ඇත. එමෙන්ම නිරෝධායනය අවසන් කොට අද දිනයේදී පුද්ගලයින් 718 දෙනෙකු නිරෝධායනය අවසන් කොට පිටව යෑමට නියමිත බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

(Neth)