Friday, November 14, 2025
Follow Us
මෙරට 20 වන කොවිඩ් මරණය

මෙරට 20 වන කොවිඩ් නයින්ටීන් මරණය අද (31) වාර්තා වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය, වමනය සහ දියවැඩියාව රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගොස් තිබේ.

ඇයගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව අද පෙරවරුවේ ලැබුණු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

ඒ අනුව ඇයට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

(Lanka Leads)