Friday, November 14, 2025
Follow Us
කඨින පිංකම් පැවැත්වීමට උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

විහාරස්ථානවල කඨින පුණ්යෝත්සවය පැවැත්වීමේදී සෞඛ්‍ය උපදෙස්වලට සුවිශේෂී අවධානයක් යොමු කර එම පිංකම් සංවිධාන කරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. ඒ අනුව, අත්‍යාවශ්‍ය අංගවලට පමණක් සීමා කරමින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් කඨින පිංකම් පැවැත්වීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කඨින චීවරය සඟ සතුකොට පූජා කිරීමේදී ස්වාමීන් වහන්සේ පස් නමක් පමණක් සහභාගී කරවාගන්නා ලෙසයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ උපදෙස් මාලාවේ දැක්වෙන්නේ. කඨින පූජෝත්සවයට සහභාගී වන ගිහි පිරිස උපරිම වශයෙන් 25ත් 30 ත් අතර පිරිසකට සීමා කරන ලෙස ද එහි දක්වා තිබෙනවා.



ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එම පිංකම් සංවිධාන කිරීමට කටයුතු කරන ලෙසයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් උපදෙස් ලබා දී ඇත්තේ. කඨින චීවරය රැගත් පෙරහර කෙටිම දුරකින් විහාරස්ථානය වෙත වැඩම කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අදාළ උපදෙස් මාලාවේ දක්වා තිබෙනවා.

(Neth)