Friday, November 14, 2025
Follow Us
දුම්රිය කාලසටහන වෙනස් වේ

බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ දුම්රිය ධාවනය පිළිබඳ එම දෙපාර්තමේන්තුවේ, සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව හෙට (30) සහ නොවැම්බර් 2 වන දින උදෑසන 5 දක්වා සමස්ථ බස්නාහිර පළාතට ම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් එම කාල සීමාව තුළ දුම්රිය ධාවනය පහත පරිදි වේ.

2020.10.30 – 2020.11.01

රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ද බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම, කළුතර සිට මරදාන දක්වා ද, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ද , හලාවත සිට කොළඹ කොටුව දක්වා ද ධාවනය වු කිසිදු දුම්රියක් ඉහත දෙදින තුළ ධාවනය නොවේ.

2020.10.31

අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් ධාවනය වන දුම්රිය, එම නියමිත වේලාවට ධාවනය කිරීමට කටයුතු සංවිධානය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසයි.

(Aruna)