Friday, November 14, 2025
Follow Us
තවත් ආර්ථිකය මධ්‍යස්ථානයක් වසා දමයි

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඔක්තෝබර් 29 දින සිට නොවැම්බර් 2 වැනිදා දක්වා වසා දැමීමට තීරණයක් ගෙන ඇති බව එහි කළමනාකරු ලසන්ත සංජීව පැවැසීය.

ඊයේ දින ලොරි රථ තිහකට ආසන්න ප්‍රමාණයකින් එළවළු ආදි ද්‍රව්‍ය ගෙනැවිත් ඇති බැවින් අද සිට (29 වැනිදා) මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කර ඇති බව හෙතෙම කීය.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ මහතෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව කළමනාකරු පැවැසීය.

(Aruna)