Friday, November 14, 2025
Follow Us
සායනික ඖෂධ තැපැල් මගින් බෙදාහැරීම තවත් දිස්ත්‍රික්ක කිහිපයක ඇරඹේ

රජයේ රෝහල්වල සායනවලින් ප‍්‍රතිකාර ගන්නා මාසයකට ප‍්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත එම ඖෂධ තැපැල් මගින් නිවසටම ලබාදීමේ දෙවන අදියර කලූ‍තර සහ කුරුණෑගල දිස්ත‍්‍රික්ක තුළ ක‍්‍රියාත්මක කර තිබෙනවා.

මෙම සායනික ඖෂධ නිවෙස් වෙත ලබාදිමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය හා දුරකතන අංක, අදාළ රජයේ රෝහල වෙත නිවැරදිව ලබාදීම අත්‍යවශ්‍ය බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

සායනික ඖෂධ තැපැල් මගින් නිවසටම ලබා දීමේ පළමු අදියර ඉකුත්දා ආරම්භ කෙරුණේ කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන්.

(Neth)