Friday, November 14, 2025
Follow Us
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07කට සහ මව්වරුන් 03කට කොරෝනා

බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබන ළමුන් 07 දෙනෙකුට සහ මව්වරුන් 03දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට සම්බන්ධ ආශී‍්‍රතයින් බවයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී විජේසූරිය නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

රට තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මව්පියන් පෙරට වඩා දරුවන් පිළිබඳ වැඩි අවධානයකින් සිටිය යුතු බවයි බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී විජේසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මීට පෙරද බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් දෙදෙනෙකුට සහ පියෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා.

මේ අතර කහතුඩුව ජයවර්ධනවත්ත ප‍්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ මාළු වෙළෙන්දෙකු දැල්තර ප‍්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී ඇති අතර එය සැලවීමත් සමග සෞඛ්‍ය අංශ එම ස්ථානයට ගොස් තිබෙනවා. මේ එහිීදී ඇතිවූ තත්ත්වය පැහැදිලි කරන කැස්බෑව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කෝසල ගුණසිංහ.

(Neth)