Friday, November 14, 2025
Follow Us
මාළු කිලෝ ලක්ෂ ගණනක් ධීවර යාත්‍රාවල හිරවෙලා !

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හරහා මේ වනවිට රටේ ප්‍රදේශ රැසකට කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. මේ නිසා මාළු තොග වෙළඳපල රැසක් මෙන්ම සාමාන්‍ය මාලු වෙළඳසැල් රැසක් ද වසා තමා තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ මෙම ව්‍යාපාරය බරපතල ලෙස කඩාවැටීමට ලක්ව ඇති අතර ධීවරයන් විසින් අල්ලා ගත් මාළු තොග ධීවර යාත්‍රාවල සිර වී තිබෙනවා. බේරුවල හා ගාල්ල ධීවර වරාය ආශ්‍රිතව පමණක් බහුදින ධීවර යාත්‍රාවල කිලෝග්‍රෑම් 350,000 කට අධික මාලු තොග තිබෙන බවයි වාර්තා වන්නේ.

එම මාළු තොග රජය හරහා මිලදී ගෙන පාරිභෝගිකයන් වෙත බෙදාහැරීම සඳහා පියවර ගන්නා බවයි ධීවර අමාත්‍යංශය පවසන්නේ.

බහුදින ධීවර යාත්‍රාවල තිබෙන මෙම මාලු තොග ආරක්ෂිතව පාරිභෝගිකයා අතර පත් කිරීම සඳහා සැළසුම් සකස් කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරිය අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා

(LNW)