Friday, November 14, 2025
Follow Us
කොටගලටත් කොරෝනා යයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමග හැටන් හි කොටගල වෙළෙදසැල් සියල්ල වසා දමා තිබේ.

මෙම ආසාදිතයින් දෙදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොලේ සේවය කළ දෙදෙනෙකු බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල පවසයි.

මොවුන් කොටගල ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණ සිටියදී ස්වයං නිරෝධානයට යොමු කර පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරිමෙන් පසු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල පවසයි.

මෙම ආසාදිතයින් දෙදෙනා කොටගල ප්‍රදේශයේ වෙළෙදසැල් කිහිපයකට ද ගොස් ඇති අතර, මේ හේතුවෙන් එම වෙළෙදසැල් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

(Aruna)