උසස් පෙළ සිසුන්ට වෙන්කළ දුම්රිය හැර, ප‍්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ, කැළණි වැලි මාර්ගයේ සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද සිට අවලංගු කර තිබෙනවා.
ඒ කොළඹ කොටුව පොලිස් බලප‍්‍රදේශයට නිරෝධායන ඇදිරි නිතිය පැනවීම හේතුවෙන්. සියලූම දුරගමන් සේවා දුම්රියන් සහ නගරාන්තර සීඝ‍්‍ර ග‍්‍රාමී දුම්රියන්ද අද සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
සියලූම රාතී‍්‍ර තැපැල් දුම්රියන්ද ඊයේ සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කෙරුණා. දුම්රිය දෙපාර්තමේන්තුව ස`දහන් කළේ මුුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන්වාර 06ක් පමණක් අද සිට ධාවනය කෙරෙන බවයි. එම දුම්රියන් කොල්ලූපිටිය දුම්රිය ස්ථානය දක්වා පමණක් මගීන් රැුගෙන එන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ඒ අනුව එක් දුම්රියක් ගාල්ල දුම්රිය ස්ථානයෙන් අද අළුයම 03යි 15ටත්, සාගරිකා දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අළුයම 04යි 30ටත් කොල්ලූපිටිය දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළා.
සමුද්‍රදේවී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයෙන් අද අළුයම 05ට ගමන් ආරම්භ කළ බවයි දුම්රිය පාලක මැදිිරිය ස`දහන් කළේ. මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් 03ක් පස්වරුවේද ධාවනය කෙරෙනවා.
එම දුම්රියන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කොල්ලූපිටිය දුම්රිය ස්ථානය දක්වා හිස් දුම්රියන් ලෙස ගමන් කර එහි සිට මගීන් රැුගෙන එනු ඇති.
ඒ අනුව සාගරිකා දුම්රිය පස්වරු 04යි 40ට බෙලිඅත්ත දක්වාත්, සමුද්‍රදේවී දුම්රිය පස්වරු 05යි 25ට ගාල්ල දක්වාත් ධාවනය කිරීමට නියමිතයි. පස්වරු 06යි 10ට කොල්ලූපිටියේ සිට ගාල්ල දක්වා තවත් දුම්රියක් ධාවනය කෙරෙනවා.
මේ අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර 12ක් ධාවනයට එක්කර තිබෙනවා. ඒ, අනුව ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය 08ක් සහ හලාවත මාර්ගයේ දුම්රිය 04ක් ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. ප‍්‍රධාන මාර්ගයේ එක් දුම්රියක් පෙරවරු 05යි 25ට රඹුක්කන සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළා.
තවත් දුම්රියක් අද පෙරුවරු 06යි 25ට පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
අළුයම 04යි 50ට හලාවත සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරුණා. පෙරවරු 05යි 41 කොළඹ කොටුව සිට හලාවත බලා දුම්රියක් ධාවනය කෙරුණු බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
පෙරවරු 11යි 17ට හලාවත සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරෙනවා. එමෙන්ම පස්වරු 12යි 45ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වාත්, පස්වරු 01යි 25ට කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වාත් දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.
පස්වරු 03යි 45ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා තවත් දුම්රියක් ධාවනය කෙරෙනවා. පස්වරු 04යි 50ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා දුම්රියක් ධාවනය කිරීමට නියමිත බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
එමෙන්ම පස්වරු 04යි 25ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා තවත් දුම්රියක් ධාවනය කෙරෙනවා. පස්වරු 04යි 30ට කොළඹ කොටුවේ සිට හලාවත් දක්වා දුම්රියක් ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මෙම සියලූ දුම්රියන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ධාවනය කෙරෙන බව එම දෙපාර්තමේන්තුව ස`දහන් කළා. එමෙන්ම අලූත්ගම - ගාල්ල, ගාල්ල - බෙලිඅත්ත, පොල්ගහවෙල - මහව සහ නාවලපිටිය කොට්ඨාශයේත්, අනුරාධපුර කොට්ඨාශයේත් සියලූම කෙටි දුම්රියන් නියමිත පරදි ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ස`දහන් කළේ.
උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ කාර්යය මණ්ඩලය වෙනුවෙන් දුම්රිය සහ බස් රථ යොදා ඇති බැවින් බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප‍්‍රකාශ කළා.
(Neth)