Friday, November 14, 2025
Follow Us
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙයි

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා 2020 ඔක්තෝබර් 27 හා 28 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා ශ්‍රී ලංකා නායකයින් සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ඇත. දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වෙයි.

(News,lk)