Thursday, November 13, 2025
Follow Us
බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිසක ලංකාවට එන්න අනුමැතිය..

ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් නායකයා ඇතුළු කණ්ඩායමකට මෙරටට පැමිණීමට රජය විසින් අවසර ලබාදී තිබේ.

ඔවුන් 60ක පමණ පිරිසක් ගුවන්යානා දෙකකින් ඉදිරි දින කිහිපය තුළ දී මෙරටට පැමිණීමට නියමිත ය.

පසුගිය ජුනි මාසයේ දී මෙරටට පැමිණීමට එම පිරිස සූදානමින් සිටියද කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දමන ලදී.

ශ්‍රී ලංකාවට පැමිණි පසු බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිකේතනයකට ගොස් නිරෝධායන වීමට නියමිතව තිබේ.

(Lanka Leads)