පානදුර පොලිස් කොට්ඨාශයේ සිදුකරන මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සදහා අලූතින් නිලධාරින් 330 දෙනෙකු ඉල්ලා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.
ඒ, වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.
පානදුර කොට්ඨාශයට අනියුක්ත මුළු භට පිරිස 833 ක්. පොලිස් කොට්ඨාශය තුළ ඇති ජනගහණයට සමානුපාතිකව ගත් කළ පුද්ගලයින් 760 දෙනෙකුට සිටින්නේ එක් පොලිස් නිලධාරියෙකු පමණයි. අනියුක්ත පොලිස් නිලධාරීන් 833 ගෙන් පොලිස් ස්ථානවල ඉතිරිව ඇත්තේ නිලධාරීන් 414 දෙනෙකු පමණක් බවයි අදාළ ලිපිය මගින් දක්වා ඇත්තේ.
ඒ, සෙසු නිලධාරීන් ප‍්‍රජා පොලිස් කි‍්‍රයාකාරකම්, අධිකරණ රාජකාරී වැනි කටයුතු සදහා යෙදවීම මෙන්ම තවත් පිරිසක් ආබාධ තත්ත්වයෙන්ද පසුවීම හේතුවෙන්.
ඒ අනුවයි පානදුර කොට්ඨාශයේ ආරක්‍ෂක මෙහෙයුම් තවදුරටත් ශක්තිමත්ව සිදු කිරීමේ අරමුණින් තවත් පොලිස් නිලධාරීන් 330 දෙනෙකු අනියුක්ත කරන ලෙස පොලිස් මූලස්ථානයෙන් ඉල්ලා ඇත්තේ.
(Neth)