Thursday, November 13, 2025
Follow Us
මහ නුවර පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසී : සුන්බුන් වැටීමෙන් නිවසක තිදෙනෙක් සිරවෙයි

මහනුවර ප්‍රදේශයේ ගිලා බැසිමකට ලක්වූ ගොඩනැගිල්ලක සුන්බුන් වලට යටවූ නිවසක සිරවී සිටින දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට ආපදා සහන කණ්ඩායම් මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් අද අළුයම් කාලයේදී ගිලා බැසිමකට ලක්ව තිබෙන බවයි.

එම ගොඩනැගිල්ල ගිලා බැසිමකට ලක්වීමත් සමග අසල පිහිටි නිවසක් මතට එහි සුන්බුන් වැටීමෙන් ඊට යටවූ නිවසක පුද්ගලයින් 05 දෙනෙකු ගෙන් දෙදෙනෙකු දිවි බේරා ගෙන තිබෙනවා.

එම නිවසේ සුන්බුන් අතර සිරව සිටින අනෙක් පුද්ගලයින් තිදෙනා බේරා ගැනීමට යුධ හමුදාව, පොලිසිය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආපදා සහන කණ්ඩායම් මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

(Neth)