Tuesday, September 15, 2026
Follow Us
රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක්

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ (Javelin throw) ක්‍රීඩක රුමේෂ් තරංග මෑතකදී ඩයමන්ඩ් ලීග් සහ අල්ටිමේට් තරගාවලි ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් අතර, ඔහු රැගෙන ආ හෙල්ල 5ක් ගුවන් ගමනකදී හානි වීම හේතුවෙන් මේ වන විට සමාජයේ හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

ලෝක හෙල් විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යා සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.

සිය ශූරතාවන් දැක්වූ හෙල්ලය ද කැඩි ගොස් ඇති බවත් තමන් ඒ සම්බන්ධයෙන් දැඩිව කණගාටුවට ගත් වන බවත් අද (15) අලුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඒ රුමේෂ් තරංග පැවසුවේය. 

අදාළ හෙල්ල තවත් දින කිහිපයකින් පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලියටත්, 2027 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියට මෙන්ම 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට ද භාවිත කිරීමට සිය අපේක්ෂාව වී තිබූ බව ද රුමේෂ් තරංග සඳහන් කළේය.