විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදේශ සේවා නියුක්කි කාර්යංශ සභාපති කෝසල වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන සමග, මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ විදේශ රැකියා ක්ෂ්ත්රයෙහි ඇති අභියෝගය හා ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් අද(26) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්විණ.
මැදපෙරදිග වටා උද්ගතව පවතින මෙම යුදමය වාතාවරණය හමුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහි දී සාකච්ඡාවට ලක් විය.
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග වඩා විධිමත් හා අඛණ්ඩ සන්නිවේදනයක් පැවැත්වීමට අදාළ අවශ්‍යතාවය පිළිබඳවද කරුණු දැක්විය.
ඒ අනුව විදේශ ශ්‍රමිකයින්ගේ සුභසාධනය පිළිබඳවත් අදාල ප්‍රතිපත්තිමය තීරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් සාකච්ඡා විය.
විදේශගත වන කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරීමේදී නිශ්චිත කාල රාමුවකට යටත්ව එම වාර්තා නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයක් පිළිබඳව කරුණු සාකච්ඡා වූ අතර, බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන මුහුණ දෙන ගැටලු පිළිබදව මෙහි දී අවධානය යොමූ වූ අතර මෙම සාකච්ඡා අඛණ්ඩව සිදුකරගෙන යෑම සඳහා කමිටුවක් පත් කිරීම ද නියමිතය.