ජාතික පශු සම්පත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහනෙහි සමාරම්භක වැඩසටහන ඊයේ (07) තිරප්පනේ සත්ත්ව අභිජනන ගොවිපලේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2025 වර්ෂයේ අගභාගයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පශු සම්පත් ක්ෂේත්රයට සිදු වූ හානිය යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් පවතින සත්ත්ව ගහනය නිරෝගීව පවත්වා ගැනීම සඳහා ජාතික පශු සම්පත් පශ්චාත් ආපදා හදිසි එන්නත්කරණ වැඩසටහනක් ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතියෙන් හදිසි අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේ සංරචකය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇත.