Thursday, January 08, 2026
Follow Us
 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ගෙන් නිවේදනයක්
ලේකම් ජාතික සෞඛ්ය ප්රතිපත්තිය හදුන්වාදීම සහ ජාතික සෞඛ්ය උපායමාර්ගික ප්රධාන සැලැස්ම ක්රියාත්මක කිරිම තුළ 2030 වර්ෂයේදී 80% ක සේවා ආවරණ ඉලක්කය අත්පත් කර ගත හැකිවනු ඇති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

 

සාර්ව සෞඛ්ය ආවරණය සහ ලෝක සෞඛ්ය සංවිධානය - ලෝක බැංකුව 2025 ගෝලීය නිරීක්ෂණ වාර්තා පිළිබඳ කරුණු දක්වමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම්වරයා මේ පිළිබඳව විශේෂ මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණු අනාවරණය කර ඇත.
 
මෙරට සෞඛ්ය සේවාව පිළිබඳ සාවද්ය හා විකෘති අර්ථකථන මෙන්ම වැරදි සංඛ්යා ලේඛන සහ වැරදි දර්ශක හුවාදක්වමින් පසුගිය කාලය පුරා විවිධ පුවත් සමාජ මාධ්ය ඇතුළු විද්යුත් හා මුද්රිත මාධ්ය හරහා ප්රචාරය කෙරුණි.
 
එම සාවද්ය හා කරුණු විකෘති කරන ලද වාර්තා තුළ මෙරට සෞඛ්ය සේවාව ඉතා පහළ ස්ථානයකට පත් ව ඇති බව ද සඳහන් විය.
 
එවන් තත්ත්වයක් තුළ නිවැරදි කරුණු හා දර්ශන වාර්තා අනුව මෙරට සෞඛ්ය සේවාවේ දර්ශකයන්හි ප්රගතිය පිළිබඳව සහ ඉදිරි ඉලක්ක සාක්ෂාත් කර ගැනිම සම්බන්ධව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා මෙම මාධ්ය නිවේදනය නිකුත් කර ඇති අතර, එම සම්පූර්ණ මාධ්ය නිවේදනය පහත දැක්වේ.
 
සාර්ව සෞඛ්ය ආවරණය (Universal health coverage - UHC) මඟින් අපේක්ෂා කරනුයේ මූල්ය දුෂ්කරතාවයකින් තොරව, අවශ්ය විට දී සහ අවශ්ය ස්ථානයක දී, සියලු ජනතාවට සම්පුර්ණ පරාසය තුළ වන ගුණාත්මක සෞඛ්ය සේවාවන් වෙත ප්රවේශ වීමේ හැකියාව පවතින බව සහතික කිරීමයි.
 
සාර්ව සෞඛ්ය ආවරණය (UHC) පිළිබඳ ලෝක සෞඛ්ය සංවිධානය - ලෝක බැංකුව 2025 ගෝලීය නිරීක්ෂණ වාර්තාව මඟින්, මෙම ඉලක්කය කරා ළඟා වීමේ ප්රගතිය සේවා ආවරණ දර්ශකය (Service Coverage Index - SCI) හරහා අර්ධ වශයෙන් මනිනු ලබන බවත් එමඟින් ජනතාවට අත්යවශ්ය සෞඛ්ය සේවාවන් කොතරම් දුරට පුළුල් ලෙස ලබා ගත හැකි ද යන්න පිළිබිඹු කෙරෙන බවත් පැහැදිලි කෙරේ.
 
මෙම වාර්තාවට අනුව, ශ්රී ලංකාව 72% (2023) (SDHC UHC දර්ශකය 3.8.1) විශිෂ්ට සාර්ව සේවා ආවරණ දර්ශකයක් පෙන්නුම් කරන අතර එය 2019 වර්ෂයේ 67.4% වූ එම දර්ශකයෙහි කැපී පෙනෙන ඉහළ යාමකි.
 
ප්රාථමික සෞඛ්ය සත්කාර ශක්තිමත් කිරීම ආරම්භ කරමින් ජාතික සෞඛ්ය ප්රතිපත්තිය (Ntional Health Policy) 2026 -2035 හඳුන්වා දීම සහ ජාතික සෞඛ්ය උපායමාර්ගික ප්රධාන සැලැස්ම (National Health Strategic Master Plan) 2026-2035 ආරම්හ කිරීම තුළ, ඉලක්ක කළ පරිදි 2030 වර්ෂයේදී 80% ක සේවා ආවරණ ඉලක්කය අත්පත් කර ගත හැක.
මෙම ජයග්රහණය මගින් ප්රාථමික සෞඛ්ය සත්කාර ශක්තිමත් කිරීම, ප්රජා පාදක සෞඛ්ය සේවා පුළුල් කිරීම, මාතෘ හා ළමා සෞඛ්ය සේවා වැඩි දියුණු කිරීම, බෝ නොවන රෝග කළමනාකරණය ඉහළ නැංවීම සහ සෞඛ්ය තාක්ෂණයේ දියුණුව සඳහා ගනු ලැබූ ප්රයත්නයන් පිළිබිඹු වේ.
 
සෞඛ්ය යටිතල පහසුකම් දියුණු කිරීම, අත්යවශ්ය ඖෂධ ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම, රසායනාගාර හා රෝග විනිශ්චය සේවාවන් දියුණු කිරීම, රෝග ආවේක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම සහ සාක්ෂි මත පදනම්ව තීරණ ගැනීම සඳහා සහාය වන සෞඛ්ය තොරතුරු පද්ධති වැඩි දියුණු කිරීම කෙරෙහි ද ආයෝජන යොමු කර ඇත.
එසේම, ග්රාමීය සහ අඩු පහසුකම් සහිත ප්රදේශවල සේවා ලබා ගැනීමේ හැකියාව පුළුල් කිරීම හා රෝගීන් යොමු කිරීමේ මාර්ග ශක්තිමත් කිරීම මඟින් සේවා ආවරණය වැඩිදියුණු කිරීමට සහ සෞඛ්ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් ඉහළ නැංවීමට දායක වී ඇත.
 
නිදහස් මහජන සෞඛ්ය සේවාවක් සහ ප්රවේශයේ සමානාත්මතාවය සඳහා වූ කැපවීම පිළිබිඹු කරමින්, සේවා ආවරණය අනුව ශ්රී ලංකාව කලාපයේ ශක්තිමත් ක්රියාකාරී රටවල් අතර පවතී. ප්රාථමික සෞඛ්ය සේවා පද්ධති ශක්තිමත් කිරීමේ ව්යාපෘතිය, දිස්ත්රික් සහ ප්රාදේශීය මට්ටමේ සේවාවන් සඳහා අඛණ්ඩ සහය, නිවාරණ හා සුව කිරීමේ සෞඛ්ය සේවාවන් ඒකාබද්ධ කිරීම, එමෙන්ම ජනතාවට තම අතින් සෘජුවම දැරීමට සිදුවන වියදම් අඩු කිරීම අරමුණු කරගත් ප්රතිපත්ති හරහා සෞඛ්ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටී.
 
සියලු පුරවැසියන් සඳහා වඩාත් සාධාරණ, ප්රවේශ විය හැකි සහ දැරිය හැකි සෞඛ්ය සේවාවන් සහතික කරමින් ශ්රී ලංකාවේ මහජන සෞඛ්ය උරුමය අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කරමින් 2030 වන විට සේවා ආවරණ දර්ශකය 80ක් දක්වා ළඟා කරගැනීම සඳහා මෙම සාමූහික ප්රයත්නයන් යොදවනු ලබන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා මෙම මාධ්ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.