Monday, November 10, 2025
Follow Us
ශ්‍රී ලංකාවේ දී ප්‍රථමවරට ලෝක කෙරටකෝනස් දිනය සමරයි
ලෝක කෙරටකෝනස් දිනය (World Keratoconus Day ) සෑම වර්ෂයකම නොවැම්බර් මස 10 වන දිනට යෙදී ඇත.
එම දිනයට සමගමීව කෙරටකෝනස් රෝගී තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත්කිරීමේ අරමුණින් විශේෂ මාධ්ය සම්මන්ත්රණයක් අද (10) පෙරවරුවේ කොළඹ ජාතික අක්ෂි රෝහල් ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
 
ලෝක කෙරටකෝනස් දිනය (World Keratoconus Day ) 2016 වර්ෂයේ දී ජාත්යන්තර දිනයක් ලෙස නම්කර ඇති අතර, මෙරට දී එම දිනය සමරනු ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
 
කෙරටකෝනස් (Keratoconus ) යනු කෝනියාව හෙවත් ස්වච්චය යන ව්යුහයට බලපාන අක්ෂි රෝග තත්වයක් වන අතර මෙහි දී කෝනියාවේ සාමාන්ය උත්තල හැඩයෙන් මිදී ඉදිරියට නෙරා ඒම සිදුවේ. මෙම රෝග තත්වය කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත් වන අතර පෙනිමේ දුර්වලතා ඇත්නම් කඩිනමින් අක්ෂි පරීක්ෂාවක් සදහා යොමුවිය යුතුය.