Tuesday, March 25, 2025
Follow Us
යළිත් හිස ඔසවන චිකුන්ගුන්යා

බස්නාහිර පළාතේ චිකුන්ගුන්යා උණ රෝගය වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන්නේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

මෙම රෝගය වැළඳීමේදී අත්වල ඇඟිලි ඉදිමීමෙන් වෘත්තිකයන්ට සිය සේවා කටයුතු සිදුකරගෙන යාමට නොහැකි බව වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරයි.

එසේම රෝගය වැළඳුණු මුල් දිනවලදී ශරීරයේ රතුපැහැ ලප ඇතිවීම, නාසය, අත්වල, පාදවල අවපැහැවිම් සිදුවිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති.

ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවා විසින්ම චිකුන්ගුන්යා රෝග වාහකයා විදිහට කටයුතු කරනු ලබන බවට ද තහවුරු වී ඇත.

ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගැනිම තුළින් චිකුන්ගුන්යා උණ රෝගය වළක්වා ගැනීමට හැකි බවද සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටියි.

මෙම රෝග තත්ත්වය වැළඳුණු පසු එම තත්ත්වය සුව වුවද වසරක පමණ කාලයක් හන්දි වේදනාව ඇතිවිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙයි.

Aruna