Thursday, January 30, 2025
Follow Us
ඉදිවෙමින් පවතින ඉංජිනේරුපීඨ සංකීර්ණය අගමැතිනියගේ නිරීක්ෂණයට

මත්තෙගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය අභිනව ඉංජිනේරු පීඨ සංකීර්ණය, පසුගියදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ නිරීක්ෂණයට ලක් විය. 

මෙහි දී ඉදිකිරීම් කඩිනම් කිරීම සම්බන්ධ ව අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ආචාර්යවරුන්ගේ හිඟයට කඩිනම් විසඳුම් ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළා ය.  

එමෙන් ම පර්යේෂණ කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද මෙහි දී අවධාරණය කෙරිණ.