Monday, February 09, 2026
Follow Us
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සේවා ලාභීන්ගේ ලිඛිත පැමිණිලි පමණක් කඩිනමින් ලබා ගැනීමට 071 40 33300 whatsapp අංකයක් ද හඳුන්වා දී තිබේ.

මෙම අංකය වෙත මහජනතාව විසින් ලිඛිතව යොමු කරන පැමිණිලි උදෙසා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට විධිවිධාන රැසක් මේ වන විටත් සලසා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේය.
නව TELL DMT facebook පිටුව හරහා ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට සේවාලාභීන්ට අවස්ථාව සලසා ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි ලිඛිතව මෙම whatsapp අංකයට යොමු කිරීමට සේවාලාභීන්ට හැකියාව ඇත.