Friday, February 14, 2025
Follow Us
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළට

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ.

වෙ‍ෙළඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව, පහත සඳහන් අන්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30)  සිට ලබාගත හැකි බව දැනුම් දී ඇත.

 

භාණ්ඩය 

පැවති මිල(රු)

නව මිල(රු)

ඉතිරිය(රු)

ලොකුලූනු( ආනයනික)

230.00

220.00

10.00

පාන් පිටි

175.00

165.00

10.00

සුදු සීනි

240.00

235.00

5.00

රතු පරිප්පු

288.00

285.00

3.00

සුදු කැකුළු(ආනයනික)

210.00

209.00

1.00