අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාව තවදුරටත් නිරීක්ෂණ රාජකාරීන්වල නිරත වේ.
ඒ අනුව ඊයේ(27) දින අංක 7 බලඝණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් අම්පාර ප්රදේශය නිරීක්ෂණ කටයුතු සදහා පිටත් කර යවන ලදී. මෙම මෙහෙයුම් අතරතුර මයිලවට්ටවන්, එරාවූර් ප්රදේශයේ විපතට පත් සිවිල් වැසියෙකු ගුවනින් බේරා ගැනීමට සමත්වූ අතර පසුව ඔහු ගුවන් මගින් මඩකලපුව ගුවන් හමුදා කඳවුර වෙත ආරක්ෂිතව රැගෙන යන ලදී.